මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට | දිනමිණ

මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
ප්‍රකාශයක් ලබාදීම සදහා අද(16) උදෑසන මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබුණි. 
 
2014 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට දැනුම් දී තිබුණි. 
 
කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
 
මෙම සිද්ධියටම අදාළව මීට පෙර එවකට සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාවද අත්අඩංගුවට ගෙන තිබේ. 
 
මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න