CHOGM පළමු කාන්තා මහලේකම්වරිය | දිනමිණ

CHOGM පළමු කාන්තා මහලේකම්වරිය

අසංක බණ්ඩාර

මෝල්ටාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී නව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයෙකු පත්කර ගෙන තිබේ.

ඒ අනූව ස්කොට්ලන්ත ජාතික බරොනස් පැට්‍රිෂියා එම තනතුරට පත්ව ඇත.

කම්ලේෂ් ෂර්මාගේ සිව්වසරක සේවා කාලය අවසන් වීම නව පත්වීමට හේතුවයි.

එමෙන්ම පොදුරද මඩුළු සමුළුවේ මහලේකම් ධූරයට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාවද මෙය වේ.

ඩොමිනාකාවේ උපත ලබා ඇති බරොනස් පැට්‍රිෂියා නීතිඥවරියකි.

අදාළ පත් වීමෙෙන් අනතුරුව සිය තනතුර ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියා සිටියේ  එම තනතුරට පත්වූ පළමු කාන්තාව වීම ගැන ආඩම්බරයක් ඇති බවයි.

 


නව අදහස දක්වන්න