චැනල් 4 වීඩියෝව ගැන බී.බී.සීය | දිනමිණ

චැනල් 4 වීඩියෝව ගැන බී.බී.සීය

අසංක බණ්ඩාර
චැනල් 4 වීඩියෝ පටයේ දැක්වෙනය පුද්ගලයන් සැබවින්ම සැරසී සිටින්නේ යුද හමුදා නිල ඇඳුම්ද යන්න ගැන විමර්ශනය කරන බව හමුදා මුලස්ථානය උපුටා දක්වමින් බී.බී.සී ලෝක සේවය පවසයි.
 
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ අද ඊයේ නොව 2013 වසරේ සිට බවයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළ බව එහි සදහන්.
 
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු කියා ඇත්තේ.
 
එය දීර්ඝ කාලයක් ගත වෙන කාර්යයක් යයි කියා සිටි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවතින නීතිය අනුව එම විභාග සිදුකළ යුතුව ඇති හෙයින් ප්‍රමාදයක් සිදුවෙන බවයි සඳහන් කර ඇත.
 

නව අදහස දක්වන්න