වෛද්‍ය වර්ජනය දිගු වෙයි - update | දිනමිණ

වෛද්‍ය වර්ජනය දිගු වෙයි - update

සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට පැය 24 ක වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ අනුව කලින් ප්‍රකාශයට පත් කෙරුණු වරුවක වැඩවර්ජනය පැය විසි හතරක් දක්වා දීර්ඝ කෙරෙන බවය.

හෙට වෛද්‍ය වර්ජනය ස්ථීරයි - update

හෙට පෙරවරු 08.00ට සිට දහවල් 12.00 දක්වා සැළසුම් කළ පරිදි සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයට එරෙහිව සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය සිදු කරන බවයි.

 

නව අදහස දක්වන්න