සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ලබන 10 | දිනමිණ

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ලබන 10

මාලඹේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ  පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා සඳහන් කළේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් පෙත්සම ගොනු කරන බවය .

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා ගත් නීති උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාෙළ පෙත්සම ගොනු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව සමඟ හෙට(8) දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


නව අදහස දක්වන්න