වැරදි 06කට අවම දඩය 25,000යි | දිනමිණ

වැරදි 06කට අවම දඩය 25,000යි

බීමතින් රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම ඇතුළු මාර්ග නීති කඩකිරීම් 06කට අවම දඩය රුපියල් 25,000ක් කිරීමට තීරණය කර තිබේ.

ඒ මුදල් අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාවකදී ය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම බස් රථ, පාසල් ප්‍රවාහන සහ ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයන් ද එක්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම මාර්ග නීති කඩකිරීම් පහතින්

01. රක්ෂණාවරණයක් නොමැති වාහනයක් ධාවනය කිරීම.

02. රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.

03. බීමත්ව රිය ධාවනය කිරීම.

04. වමෙන් ඉස්සර කිරීම.

05. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.

06. දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.

අදහස් 4ක් ඇත

meya pramada kala wadiya! ikman karanna!!! boho suba wadi prathipala ahisaka janathawata labaganna hakiweyi anathuru boho aduweyi!

Meka hodayi....api nosalaka harina weradi hadaa ganna awasthaawak. Winayak ethuwa paare yanna meekath hoda hethuwak

Meka hodayi....api nosalaka harina weradi hadaa ganna awasthaawak. Winayak ethuwa paare yanna meekath hoda hethuwak

Ratama kalabunata meka thamai wennaona. Hetagana hithala adagaththa me thiranayata api ekagai.

නව අදහස දක්වන්න