විදේශිකයෙකු සහ මෙරට කතුන් දෙදෙනෙකු ගැටෙයි | දිනමිණ

විදේශිකයෙකු සහ මෙරට කතුන් දෙදෙනෙකු ගැටෙයි

අසංක බණ්ඩාර
හැව්ලොක් ටවුමේ මායා වට රවුම පාරේ ප්‍රසිද්ධ අවන්හළක දී විදේශිකයකු සහ මෙරට කතුන් දෙදෙනකු අතර මීට සුළු මොහොතකට පෙර ගැටුමක් හටගෙන අැත.
 
වැල්ලවත්ත පොලිසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් කතුන් දෙදෙනාට බරපතල තුවාල සිදු කර ඇති බවය.
 
කාන්තාවන් බේරාගැනීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් විදේශිකයාද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි සදහන්.
 
අදාළ ගැටුම මුදල් ආරවුලක් මත සිදුවූ බවටයි පොලිසිය සැක කරන්නේ.

නව අදහස දක්වන්න