සුරා සැල් වැසෙන දින තුන එක වෙයි | දිනමිණ

සුරා සැල් වැසෙන දින තුන එක වෙයි

අසංක බණ්ඩාර
මත්ද‍්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් එක් දිනක් පමණක් සුරා සැල් අළෙවි මධ්‍යස්ථාන වසා තැබීමට සුරා බදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී ගුණවර්ධන පවසයි.
 
ඒ අනුව ලබන 10 වනදා තුළ දිවයින පුරා සුරා සැල් වසා තැබෙනු ඇති.
 
කෙසේ වෙතත් සුරා බදු කොමසාරිස් ජනරාල් කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වුනේ ජාතික මත්ද‍්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් දින තුනක් සුරා සැල් වසා තැබෙන බවය.
 
ජාතික මත්ද‍්‍රව්‍ය නිවාරණ සතිය ලබන ජූලි මස 09 වන දින සිට අගෝස්තු මස 08 වනදා දක්වා ක‍්‍රියාත්මකයි.
 

නව අදහස දක්වන්න