සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කෙරේ. | දිනමිණ

සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කෙරේ.

අසංක බණ්ඩාර
ඡායාරූප සුදත් මලවීර
රත්මලාන කොතලාවල පුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය  අද පෙරවරුවේ  පැවැත්විණි.
 
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.
 
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ආශිර්වාද ලබාගත් අතර විහාරාධිපති පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා කෙටි පිළිසදරකද නිරත විය.
 
මෙම අවස්ථාවට සියම් මහ නිකායේ කෝට්ටේ සාමග‍්‍රී ධර්ම සංඝ සභාවෙි මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර,රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති,කෝට්ටේ නාග විහාරාධිපති මාදුල්වාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයද විජේදාස රාජපක්ෂ හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන්ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න