SAITM පරදවන්න තීරණයක් | දිනමිණ

SAITM පරදවන්න තීරණයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රමිතියෙන් තොර ක්‍රියාකාරීත්වය නීත්‍යනුකූල කිරීමට ගන්නා උත්සාහය සෑම අංශයකින්ම පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය පැවසුවේ අද පැවැති මධ්‍යම කාරක සභා රුස්වීමේදී සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවැත්වෙන නඩුවට පාර්ශ්වයක් ලෙස මැදිහත්වීමට සිය සංගමය සිදුකළ ඉල්ලීම පිළිබඳ තීරණය අගෝස්තු මස 02 වැනිදා ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කළ බවද එම සංගමය පැවසීය.


නව අදහස දක්වන්න