VAT ගැන විශේෂ සාකච්ඡාවක් අද | දිනමිණ

VAT ගැන විශේෂ සාකච්ඡාවක් අද

වැට් බදු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව රටපුරා සිදුකරන විවිධ විරෝධතා සැලකිල්ලට ගනිමින් රටපුරා පිහිටි වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.

මේ අනුව අදාළ සංගම් සමග හෙට (04දා) සවස සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිතයි.

එහිදී 11% සිට 15% දක්වා අවම වැට් බදු ඉහළ දැමීම සහ අලුතින් වැට්බදු පැනවීම නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, මේ සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සහභාගි වන බව වාර්තාවේ.

වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ඉකුත් දින කිහිපයේ ප‍්‍රදේශ රැසක කඩසාප්පු වසා දමා විරෝධතා සංවිධාන කර තිබුණි.

 


නව අදහස දක්වන්න