ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට | දිනමිණ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

අසංක බණ්ඩාර
ටෙස්ට් තරඟ 3 කින් සමන්විත තරඟාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතයි.
 
පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන බව සදහන්.
 
කෙසේ වෙතත්  ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසන්නේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් බලාපොරොත්තු වන බවයි.  
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ පිතිකරුවන් සිය ග්‍රහණයට ගත හැකි පන්දු යවන්නන්ගේ බලඇණියක් තමන් සතු බවයි විරාට් කෝලි පෙන්වා දී ඇත්තේ.
 
 

නව අදහස දක්වන්න