කළකිරුණු වෙලගෙදර ඕස්ට්‍රේලියාවට | දිනමිණ

කළකිරුණු වෙලගෙදර ඕස්ට්‍රේලියාවට

අසංක බණ්ඩාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නෙකු වන චානක වෙලගෙදර ප්‍රාන්ත කණ්ඩායමක් නියෝජනය කිරීමේ අරමුණින් අද ඕස්ට්‍රේලියාව බලා පිටත් වන බව වාර්තා වෙයි.  
 
ක්‍රිකට් ක්‍රීඩාව සහ ජාතික සංචිතයට ක්‍රීඩකයන් තේරීම පිළිබඳ ඇති වූ කලකිරීම් නිසා තමන් මව්බිමෙන් පිටත් වන බව ඔහු පවසා ඇත.
 
යළි ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව ද සදහන්.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 21 කට සහභාගි වී ඇති චානක වෙලගෙදර ඉනිම 35කදී, කඩුලූ 55 ක් ලබාගෙන තිබේ. 
 
එක්දින තරඟ 10 කදී ඉනිම 9 කට ක්‍රීඩා කරමින් ඔහු දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 15 ක්.

නව අදහස දක්වන්න