වෙඩි වැදී මියගිය තිදෙනා හඳුනාගැනේ | දිනමිණ

වෙඩි වැදී මියගිය තිදෙනා හඳුනාගැනේ

අනුරාධපුරය - තිරප්පනේ - සෙලෙස්තිමඩුව - තුරුවිල ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබියදී හමුවූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ.

එක් පුද්ගලයෙකු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර නොහොත් එස්.එෆ්.බණ්ඩාර ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ඔහුට එරෙහිව මිනීමැරුම් සහ මංකොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා පවතින බව සඳහන්.

මියගිය තවත් පුද්ගලයෙකු එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි උඩගෙදර සමන් කුමාර නැමැත්තා වන අතර, ඔහුටද යම් යම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තුන්වැන්නා  ගාල්ල - ගිංතොට ප්‍රදේ්ශයේ පදිංචි මකුන්ද ගමගේ ප්‍රදීප් කුමාර නැමති 30 හැවිරිදි පුද්ගලයෙක්.  

මියගිය පුද්ගලයන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවත්, එහි හිමිකරු ගිලීඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ පස්වරු තුනට පමණ තුරුවිල - තිරප්පනේ මාර්ගයේ කැලෑබද ස්ථානයක මාර්ගයෙන් ඉවතට පැන තිබියදී මළ සිරුරු තුනක් සමඟ CAK  0692 දරණ මෙම මෝටර් රථය හමුවිය.  

මේ අතර අනුරාධපුර තිරප්පනේ සෙලෙස්තිමඩුව අසල මෝටර් රථයක් තිබියදි සොයා ගැනුණු වෙඩි වැදී මිය  තිදෙනාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්  දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල විසින් සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාගේ නියෝගයේ දැක්වේ.

 


නව අදහස දක්වන්න