බක්පුර පසළොස්වක පොහොය අදයි | දිනමිණ

බක්පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට පෙර එළඹෙන අවසන් පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.

නව අදහස දක්වන්න