ජනපති අද ජපන් රජු බැහැදකියි | දිනමිණ

ජනපති අද ජපන් රජු බැහැදකියි

ජපානයේ රාජ්‍ය සංචාරය නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන අකිහිතෝ අධිරාජ්‍යා යා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබේ.
 
ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා අකිහිතෝ අධිරාජ්‍යා සහ මිචිකෝ රැජිණ විසින් උණුසුම් ආකාරයෙන් පිලිගැනුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැමිණීම පිළිබඳ එහිදී සිය සතුට පල කර ඇති අකිහිතෝ අධිරාජ්‍යා  දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කර තිබේ.
 

නව අදහස දක්වන්න