රන් බිස්කට් ගෙනා ඉන්දියා ජාතිකයෝ 3ක් ගුවන් තොටේදී දැලේ | දිනමිණ

රන් බිස්කට් ගෙනා ඉන්දියා ජාතිකයෝ 3ක් ගුවන් තොටේදී දැලේ

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයින් තිදෙ‍නකුගේ ගමන් බෑග්වල සඟවා තිබූ රුපියල් 5497500/- වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි සිට ලංකා ගුවන් යානයකින් පෙරේදා (22) සවස 2.40 ට පමණ අදාළ තිදෙනා මෙරටට පැමිණ තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනාගේ ගමන් බෑග් එක්ස් කිරණ පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු බෑග්වල හැඬලය තුළ සඟවා තිබූ රන් බිස්කට් දහයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත.

සිද්ධිය පිළිබඳ රේගු අධ්‍යක්ෂ ඕ. එම්. ජමීර්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනිවන්පිටිය යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති. 

නිමල් රාජපක්ෂ සහ සුභාෂිනී සේනානායක

 

නව අදහස දක්වන්න