ලෝක වකුගඩු දිනය සැමරීමේ උත්සවයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් | දිනමිණ

ලෝක වකුගඩු දිනය සැමරීමේ උත්සවයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන්

ජනාධිපතිතුමාගේ “මෛත්‍රී පාලනයක්... ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ, මෙරට වියළි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යසනයක් ලෙස ව්‍යාප්තවී ඇති වකුගඩු රෝගය, නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමුකොට ඇත. ඊට අදාළව ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකාය පිහිටුවා ඇත.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකාය මගින් මේ යටතේ පාර්ශ්වකාරී ආයතන සම්බන්ධ කරගෙන මේ සඳහා පුළුල් වැඩසටහනක්, මේ වනවිටත් දියත් කරමින් පවතී. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකාය විසින් සංවිධානය කරන, 2018.03.08 දිනට යෙදී ඇති”ලෝක වකුගඩු දිනය සැමරීමේ වැඩසටහන” ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සංවිධානය කර ඇත.

මෙම ජාතික උත්සවයට සමගාමීව වකුගඩු රෝග නිවාරණය උදෙසා විශේෂ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත. විශේෂයෙන් වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වීම, පිරිසිදු පානීය ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුබසාධන වැඩසටහන් දියත් කිරීම ආදිය මේ අතර වේ. විශේෂයෙන් මීට සමගාමීව පැවැත්වෙන වකුගඩු රෝගීන් ‍පෙර හඳුනාගැනීමේ වැඩසටහන මේ වනවිටත් ආරම්භ කර ඇත. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ඌව පළාත් සභාව සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මෙම වෛද්‍ය සායන පැවැත්වේ.

බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් අද (24 වැනිදා) ගල්ටැම්මණ්ඩියේදී ද, 26 වැනි සඳුදා කුමාරගමදී ද, වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් අද (24 දා) වීරසේකරගමදී ද, 26 වැනි සඳුදා දිඹුලාමුරයේදී ද, තණමල්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් අද (24 වැනිදා) කිවුල්ආර ප්‍රජා ශාලාවේදී ද මේ සායන පැවැත්වේ.

නව අදහස දක්වන්න