ජනාධිපතිවරණ සමයේ කහවත්තේ ඝාතන නඩුව | දිනමිණ

ජනාධිපතිවරණ සමයේ කහවත්තේ ඝාතන නඩුව

රත්නපුර දිසා විශේෂ එන් පී රාජදොරේ

සොකෝ ස්ථානාධිපතිගේ උපදෙස් මත අපරාධය සිදුවු ස්ථානයේ ඡායාරූප ගත්තා

රත්නපුර පොලීසියේ !සොකෝ! ඒකකයේ ඡයාරූප ශිල්පියෙක් වශයෙන් සේවය කරන මට කහවත්තේ අපරාධය සිදුවු ස්ථානයේ ඡායාරූප ගන්නා ලෙස සොකෝ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් පාලිත මහතාගන් උපදෙස් ලැබුණා එම උප දෙස් අනුව 2015 ජනවාරි 5දා පාන්ඳර කහවත්ත ප්‍රදේශයට ගොස් අපරාධය සිදුවු ස්ථානයේ ඡායාරූප ගත්තේයයි රත්නපුර පොලීසියේ සොකෝ ඒකකයේ ඡයාරූප ශිල්පි බාලසුරි ආරච්චිලාගේ උපාලි බාලසුරිය මහතා 22දා ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ පැමිණිල්ලේ ජේෂ්ඨ අධිනීතිඥ ජනකබණ්ඩාර මහතාගේ මෙහෙය වීම යටතේ සාක්කි දෙමින් කියා සිටියේය.

රත්නපුර පළාත්බද මහාධිකරණ විනිසුරුරොහාන් ජයවර්ධන මහතා ඉදිරියේ ජුරි සභාවක් නොමැතිව මේ නඩුව විභාගයට ගැනිණි.

රත්නපුර පළාත්බද මහාධිකරණ කලාපයට අයත් කහවත්තේදී වර්ෂ 2015 ජනවාරි මස 5වනදිනජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිතව සිටි රැළියකට එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් විසින් සසකස්කර තිබු සැරසිලිවලට අනර්ථයක් සිදු කිරීම,තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්විමක සාමාජිකයන්වීම,කහවත්ත පදිංචි දොඩංගොඩ ගේ සුසිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩංගොඩ යන අයව වෙඩි තබා ඝාතනය කිරීම,කත්තිරි වත්ත වීරසිංහ යන අයට වෙඩි තබා තුවාල සිදුකිරීම, සහ එම ක්‍රියා කලාපයේදීම මොහොමඩ් හුසේන් ඉල්ෆාන් යන අයට වෙඩි තබා තුවාල සිදු කරනලදැයි එක්සත් නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකාමල්ලී,සබරගමු පළාත්සභා මන්ත්‍රි ජයකොඩි ආරච්චිලාගේ අරුණ නිලන්ත ජයසිංහ,කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනික්කවඩුගේ වජිර දර්ශන සිල්වා.පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා,උඩහ දයාශීලිගේ අසංක නාමල් නොහොත් සාජන් ටු,උක්කන්ඳතේ තිලංක ප්‍රදීප්,සහ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකුවු ඌරු පැලැව්වේ ගම ඇතිරාලලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් අමිල යන විත්ති කරුවන් චෝදනා ලැබ සිටිති.

රජයේ ජේෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙය වීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් සැරයන් (385) උපාලි බාලසුරිය මහතා මා පොලිස්සේවසේ වසර 29ක් සේවයේ යෙදී සිටිනවා මා අපරාධ කොට්ඨාසයේ සේවයට පැමිණියේ 2006 වසරේයි, අපරාධ කොට්ඨාසයේ, අධිකරණ වෛද්‍ය විද්‍යා පුහුණු මධ්‍යස්ථානයේ සහ ස්වීඩන් රජයන්ද පුහුණුවක් බා ඇතැයි කියා සිටියේය.

රජයේ නීතිඥ-2015-ජනවාරි 5 දා රාජකාරි කලේ කොහේද? කුමක්හෝ රාජ කාරියේ යෙදුණද?

සාක්කිකරු-මා 2015-1-5දින රත්නපුර පොලීසියේ සොකෝ ඒකකයේ රාජකාරිය කලා ඒ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් පාලිත මහතා මා කැඳවා කහවත්තේ අපරාධය සිදුවු ස්ථානයට ගොස් එහි ඡාරූප ගන්න උපදෙස් දුන්නා එම උපදෙස් අනුව මමත් පොලිස් පරීකෂක චන්දන මහතාත් 5 වෙනිදා පාන්ර 3.15ට පමණ කහවත්ත නගරයට ගියා .කහවත්ත නගරයට ගිය මා නිකොන් D 70 ඩිජිටෙල් කැමරාවෙන් අපරාධ ය සිදුවු ස්ථානය සහ අවට ඡායාරූප ගත්තා .

රජයේ නීතිඥ-තමුක් මොන ස්ථානද ඡායාරුප ගත කලේ?

සාක්කිකරු- අපරාධය සිදුවු ස්ථානය පළමුවෙන් ගත්තා, පසුව කහවත්ත කඩ වීදිය,රත්නපුර ගෝඩ්හවුස් හක අසල ,ඔරලෝසුකණුව අසල සහ ලිහිණියා බ්‍රේක්හව්සඑක ලඟ ඡායාරූප ගත්තා අපරාධය වු ස්ථානයේ සිට මීටර් 600ක දුර ස්ථාන ඡායාරූප ගත්තා

රජයේ ජේෂ්ඨ අධිනීතිඥ වරයා අධිකරණය අමතමින් !මැතිතුමනි! සාක්කි කරු විසින් ගන්නාලද අපරාධය ස්ථානයේ ඡායාරූප 3 19-E -1,2 ,3, වශයෙන් සහ හුසේන් ගොඩ නැගිල්ල අසල දුර සහ ලඟ ගන්නා ලද ඡායාරූප 19 E1-2 ,වශයෙන් ලකුණුකර අධිකරණයට ඉදිරි පත්තරන බව පැවසීය.

රජයේ අධිනීතිඥ- 5සහ 6 ඡායාරූප මොන ස්ථානයේ ගත් ඒවාද?

සාක්කි කරු-මෙම ඡයාරූප රොෂාන් ෆාමසිය අසල ගත් ඒවායි. මෙම චායාරූප H-1සහ 2 වශයෙන් ලකුණුකරණලදී.

රජයේ නීතිඥ- මේ ඡායාරූප තමුන් ගත් ඒවා බව කීවා,මේ ඡායාරූප ගත්තේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මතද? ජේෂ්ඨ නිලධාරීන් තමුන්ට ඡායාරූප ගන්න උපදෙස්දුන්නාද? සාක්කිකරු- ජේෂ්ඨ නිලධාරීන් මට උපදෙස් දුන්නේ නැහැ. මගේ ඒකකය භාර පොලිස් පරීක්‍ෂක වරයාටයි උපදෙස් ලබාදී තිබුණේ. මගේ ඒකකය භාර පොලිස් පරීක්‍ෂක සමන් පාලිත මතා මට ඡායාරූප ගන්න උපදෙස් ලබාදී තිබුණා.

රජයේ නීතිඥ-19 E 1,2, ,අපරාධ ස්ථානයේ ලබාගත් ඒවාද?3,.4ඡායාරූප හිස් පතරොම් කොපුවල ඡාරූපද?

සාක්කිකරු ඔව්.

පොලිස් පරීක්‍ෂක සමන්පාලිත මහතා ගෙන් පතරොම් කොපු දෙක මා බාරයට ගත්තා,ඒවා සුරක්‍ෂිතව මගේ අල්මාරියේ තැබුවා යයි කී සාක්කිකරු 5 දා පැය 10.30ට මා බාරගත්තා පසු අධිකරණයට ඉදිරිපත්කර අධිකරණයේ අවසරය මත පැ 3,4 වශයෙන් ලකුණුකර රසපරීක්‍ෂක වාර්තාව ලබාගැනීමට යැවු බවත් පැවසීය.

රජයේ රස පරීක්‍ෂක වරයා විසින් එවනලද 78/215 වාර්තාව අධිකරණය වෙත රජයේ අධිනීතිඥවරයා ඉදිරිපත් කළේය.

වෙන විත්ති කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතාගේ හරස් ප්‍රහ්ණවලට පිළිතුරු දුන් සැරයන් උපාලි බාලසුරිය මහතා දීර්ග කාලයක් පොලීසියේ සේවය කර තිබෙනවා අපරාධ සම්බන්ධව දීර්ග කාලයක් ඡායාරූප ගැනීම් කර තිබෙනවා මගේ ඒකකයේ ස්ථානාධිපති වරයාගේ උපදෙස් අනුවයි කහවත්තේ අපරාධය සිදුවු ස්ථානයේ ඡායාරූප ගත්තේ.

විත්තියේ නීතිඥ-තමුන් මේ නඩුව සඳහා ඡායාරූප කීයක් ඉදිරිපත් කලාද? ඡායාරුප කීයක් ගත්තාද ? සාක්කිකරු- නඩුව සඳහා ඡායාරූප 9ක් ඉදිරිපත් කලා, අපරාධයට සිදුවු ස්ථානයේ ඡායාරූප 89ක් ගත්තා,අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඡායාරූප මුද්‍රණය කළේ ඊයේ දිනයේයි. අද දින අධිකරණයේ සාක්කිදීමට පැමිනෙන ලෙස දැනුම් දුන්පසුවයි ඡායාරූප මුද්‍රණය කළේ.

විත්තියේ නීතිඥ-තමුන් ඡායාරූප ගත් කැමරාව සේයාපට දමා ඡායාරූප ගන්නා කැමරාවක්ද නැතිනම් තාක්‍ෂණයෙන් දියුණු කැමරාවක්ද, තමුන් ගත් ඡායාරූප මුද්‍රණය කළේ තමුන්මද? සාක්කිකරු-මා ඡායාරූප ගත්තේ D-70නිකොන් වර්ගයට අයත් තාක්‍ෂණයෙන් දියුණු කැමරාවක් එයට දල සේයාපඨ දමන්නේ නැහැ. මා ගත් ඡායාරූප මා මුද්‍රණය කරන්නේ නැහැ. මා ගන්නා ඡායාරූප පරිඝණකයට කේබලයක් සම්බන්ධකර ඇතුළත් කර අවශ්‍ය ඡායාරූප චිප් රයිඩරයකට දමාගෙන ඡායාරූප ප්‍රින්ට් කරණ සුමිත් ස්ටුඩියෝ එකට ගෙන ගොස් මා ප්‍රින්ට් කරණ මල්ලි ලඟ සිට ඡායාරූප ප්‍රින්ට් කරගත්තා.

විත්තියේ නීතිඥ- තමුන් ඡායාරූප කීපයක් පමණක් මුද්‍රණය කළේ පැමිණිල්ලේ නීතිඥ මහතුන්ගේ උපදෙස් අනුව පැමිණිල්ලට අවශ්‍යවන පින්තුර පමණයි.නේද? අනෙක් ඡායාරූප විත්තියට වාසි වන නිසා මුද්‍රණය කළේ නැහැයි යෝජනා කරනවා. සාක්කිකරු-මා එය පිළිගන්නේ නැහැ. නඩුවට අවශ්‍ය වේ යයි හිතන ඡායාරූප පමණක් මා මුද්‍රණය කළා, අපරාධ ස්ථානයක ඡායාරූප ගන්නාවිට විත්තියට පැමිණිල්ලට වාසිවන පින්තුර කියා ගන්නේ නැහැ නඩුවට වැදගත්යයි සළකන ඡයාරූප පමණයි ගන්නේ.

විත්තියේ නීතිඥ ප්‍රින්තකරුණාතිලක -සියළුම පින්තුර මුද්‍රණය කලානම් විත්තියට වාසියක් ගන්න තිබුනානේද? සාක්කිකරු - නැහැ.

තුන්වන සහබ හතරවන විත්තිකරුවන්ගේ කණිෂ්ඨ නීතිඥ මහතුන්ගේ හරස් ප්‍රහ්නවලට පිළිතුරු දුන් සාක්කිකරු විත්ති කරුවන්ට අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පෙර ඡායාරූප මුද්‍රණය කළේ නැහැ,නඩුවට සාක්කිදීමට එන්න තියා දැනුම් දීමෙන් පසුවයි ඊයේ ඡයාරූප මුද්‍රණය කලේ ,සටහන් යෙදීමක් සෝ මේ සම්බන්ධව ප්‍රකාහයක් කිසිවෙකුට දී නැහැ, මා අද දිනයේ දිවුම්දී ප්‍රකාහ කර සිටින්නේ සත්‍යක්,අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත්කලබබද සැරයන් උපාලි බාල සුරිය මහතා වැඩිදුරටත් කයා සිටියේය.

ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති දොන් බුද්ධික ධම්මිකසේනා නායක මහතා රජයේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙය වීම යටතේ සාක්කිදෙමින් තමා වසර 29ක පමණක කාලයක් රාජ කාරී කටයුතුවල යෙදී සිටිනවා, 2015-1-5 දා ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ රාජ කාරීකළා ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයා ගේ ආරක්‍ෂාවට උප පොලිස් වරයෙකු සහ සැරයන් වරුන් දෙදෙනෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් අටදෙනෙකු ආරක්‍ෂාවට ලබාදී තිබුණා ආරක්‍ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට T'56 ගිණි අවි සහ පතරොම් ලබාදී තිබුණා . සිද්ධියෙන් පසු එම ගිනි අවි සහ පතරොම් ආපසු ලබාදී තිබුණත් ඒවා පාවිච්චි කර තිබුණේ නැහැ, පාවිච්චිකර තිබුණා නම් දැනුම් දිය යුතුයි උණ්ඩත් නියමාකාරයෙන් බාරදී තිබු බව කියා සිටියේය.

දෙවන විත්තිකරුගේ නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතාගේ හරස් ප්‍රශ්ණවලට පිලිතුරු දුන් පොලිස් පරීක්‍ෂක බුද්ධික සේනානායක මහතා ඇමැති ආරක්‍ෂක කොට්ඨාෂය මගින් ආරක්‍ෂාව සපයනු ලබන්නේ පාර්ලිමෙන්තු වන්ත්‍රීවරුන්, නියෝජ්‍ය අමාත්‍ය වරුන් සහ අමාත්‍ය වරුන්ට පමණක් බවත් තමාට ඉහලින් අධ්‍යක්‍ෂ වරයෙකු සිටින බවත් පැවසීය.ජනාධිපතිවරයාට ආරක්‍ෂාව සැපයීමට වෙනම බුද්ධි අංශ තිබෙනවා එය තමන්ට ඔවුන් සමග සම්ධතාවයක් නැතැයිද කීය.

වි.නීතිඥ- නලතා අතුකෝරල කියා මන්ත්‍රී වරියක් සිටියාද ඇයට ආරක්‍ෂාවලබාදී තිබුණාද? ඔව් මන්ත්‍රී වරියක් සිටියා ඇය අපේ කොට්ඨාසය මගින් නිලධාරීන් දොදනෙකු ආරක්‍ෂාවට ලබාදී තිබුණා.

රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙම යටතේ සාක්කිදුන් නිවිතිගල පොලීසියේ ස්තානාධිපති පොලිස් පරීක්‍ෂක ජගත් පලිහේනගේ චම්ලි පලිහේන මහතා ප්‍රේමලාල් නියෝජ්‍ය ඇමැති වරයාගේ ආරක්‍ෂාවට නිවිතිගල පොලීසියෙන් නිලධාරීන් හතර දෙනෙකු සේවයේ යොදවා තිබුණා. එමනිලධාරීන්ට T.56 තුවක්කු තුනක් සහ ඔෂි තුවක්කුවක් දී දී තිබුණා ;මේ අවි කිසිවක් පාවිච්චි කර නොතිබු අතරම පතරොම් ද භොවිතා නොකර මන තුංඟ නැමති පොලිස් නිලධාරියාට 2015 පෙබරවාරි 22 බාරදී පොලීසියට බාර දී තිබු බව කියා සිටියේය. මෙම සාක්කිකරු ගෙන් හරස් ප්‍රශ්න ඇසීමෙන් විත්තියේ නීතිඥ මහතුන් වැළකී සිටියහ. මේ නඩුවේ වැඩිදුර විභාගය 2018-05-16 සහ 17 දිනට කල් තැබිනි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අග්බෝ පණ්ඩිත රත්නමහතා සමග ජේෂ්ඨනීතිඥ ජනක බන්ඩාර ,පළමුවෙනි විත්තිකරු වෙනුවෙන්නීතිඥ සමිත්ලියනගේද,දෙවන හා තුන්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නයනා නීතිඥ ප්‍රියන්ත කරුනාතිලක මහතාද,තුන්වන විත්තිති කරුවන් වෙනුවෙන් නීතිඥ නෙවිල් කරුණාරත්න මහතාද,4,5, විතතිකරුවන් වෙනුවෙන්නීතිඥ ශාලික ගුනවර්ධනහයවන විත්ති කරුවන් වෙන් හර්ෂ විජේනායක මහතාද හත්වන විත්ති කරුවෙනුවෙන් නීතිඤ ප්‍රේමරත්න යන මහත්මීහු පෙනී සිටියහ. 

නව අදහස දක්වන්න