ත්‍රිරෝද රථය අඩි 100ක ප්‍රපාතයට | දිනමිණ

ත්‍රිරෝද රථය අඩි 100ක ප්‍රපාතයට

මස්කෙළිය-නෝර්ටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ මාවුස්සාකැලේ, “සීටින්” ප්‍රදේශයේ දී පෙරේදා ප.ව. 4.15 ට පමණ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගයෙන් අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එය පැදවූ රියැදුරා තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කුරුවිට ප්‍රදේශයේ දී සිට නල්ලතන්නියේ වෙළඳසලකට භාණ්ඩ රැගෙන එමින් තිබූ රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි. 

මස්කෙළිය සමූහ
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න