සහෝදරයන්ගේ සංග්‍රාමයේ තර්ස්ටන් පළමු ඉනිම 314/5යි | දිනමිණ

සහෝදරයන්ගේ සංග්‍රාමයේ තර්ස්ටන් පළමු ඉනිම 314/5යි

ජයවිහාන් ප්‍රදීප් (දකුණේ) සහ නිමේෂ් පෙරේරා. ඡායාරූපය- සුසන්ත විජේගුණසේකර

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55 වැනි වරට පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉසිපතන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 314ක් රැස් කළේය.

එස්.එස්.සී පිටියේ පැවැත්වෙන මේ තරගයේ පළමු ඉනිම ඕවර 60කට සීමා කර ඇති බැවින් තර්ස්ටන් පිල ඉනිම අත්හිටු වීය. ඊයේ විශිෂ්ට ඉනිමක් දියත් කළ ජයවිහාන් ප්‍රදීප් නොදැවී ලකුණු 125ක් ඉනිමට එක්කළ අතර නිමේෂ් පෙරේරා ලකුණු 52ක්, සවන ප්‍රභාෂ් ලකුණු 50ක් හා නිපුන් ලක්ෂාන් ලකුණු 38ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී අකිල් අමාත් කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

නව අදහස දක්වන්න