ක්‍රීඩා ගුරුවරයා සිසුවියගේ කන පැළෙන්න ගහලා | දිනමිණ

ක්‍රීඩා ගුරුවරයා සිසුවියගේ කන පැළෙන්න ගහලා

අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සහභාගී වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යාවකට මෙසේ එම ගුරුවරයා පහරදී තිබේ.

ගම්පොළ, මාවතුර, කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීපවීම නිසා පුහුණුවීමට නොසිට පාසල ඇරුණුපසු නිවෙසට ඒමට සූදානම්ව ඇත.

එහිදී මෙම ගුරුවරයා ඇයගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර ඕනෑම පොලිසියකට ගියාට බව නැති බව ද පවසා ඇත.

පහරකෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්ෂා කර බලා රෝහලේ නවතා තිබේ.

මෙම ගුරුවරයා මීට පෙරද ළමයකුට පහරදීමක් නිසා නඩුවක් විභාග වන බව ද පැවසෙන අතර මොහු ක්‍රීඩා හා ගණිතය යන විෂයන් ඉගැන්වීම සිදු කරමින් සිසුන්ට දැඩි දඬුවම් පමුණුවන බව ද පැවසේ.

සිද්ධිය පිළිබඳ රෝහල් පොලිසිය කටඋත්තර රැගෙන ඇති අතර ඇගේ භාරකරුවන් මේ සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසියට ද පැමිණිලිකොට තිබේ.

ගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න