ධවල මන්දිරය ඉදිරිපිට සිසු විරෝධතා | දිනමිණ

ධවල මන්දිරය ඉදිරිපිට සිසු විරෝධතා

අපට ආරක්ෂාකාරී පාසල් අවශ්‍යයි 

වොෂින්ටනයේ සිසු කණ්ඩායමක් ‘අපට ආරක්ෂාකාරී පාසල් අවශ්‍යයි ‘පවසමින් ධවල මන්දිරය ඉදිරිපිට වැතිරී විරෝධතාවක නිරත විය. ඒ පසුගිය දා ෆ්ලොරිඩා හි උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් සහය පළ කරමිනි. මෙම බිහිසුණු ක්‍රියා අවසන් කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් ඇතුළු නායකයින්ට බල කර සිටින බව මෙය සංවිධානය කළ සිසුහු පවසති.

පසුගිය 14 වැනිදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලකින් නෙරපන ලද සිසුවකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 17 දෙනෙක් මරණයට පත් වූහ. මෙය සිදු කළ බවට නිකොලස් කෲස් නමැති 19 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගනු ලැබීය.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගිනි අවි සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාසල් වලට ඇතුළු වීමේදී සිසුන් ගිනි අවි රැගෙන යනවා දැයි පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. 

 

නව අදහස දක්වන්න