මාතර කොහු සහ ඉදල් කර්මාන්තයට කණ කොකා හඬන හැඩ | දිනමිණ

මාතර කොහු සහ ඉදල් කර්මාන්තයට කණ කොකා හඬන හැඩ

මාතර දිස්ත්‍රික්කයේ කොහු සහ ඉදල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත සාර්ථකව පවත්වාගෙන යාමට දැනට බරපතළ ගැටලු රැසක් උද්ගතව තිබෙන බව එම කාර්මාන්ත කරුවෝ පවසති.

එම පිරිස් සඳහන් කරන පරිදි ගෘහ කර්මාන්තයක් හා ස්වයං රැකියාවක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, කඹුරුපිටිය, දික්වැල්ල,කිරින්ද-පුහුල්වැල්ල,මාතර, අකුරැස්ස සහ හක්මන ආදි ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාශවල පදිංචිව සිටින දරු පවුල් හාරසීය (400) කට අසන්න සංඛ්‍යාවක් කොහු සහ ඉදැල් නිෂ්පාදන කර්මාන්තවල නිරතව සිටිති.

ලී මිටි,කොහු හා ඉරටු හිගය මෙම කර්මාන්ත බිඳවැටිමට ප්‍රධාන හේතු බවත්, එම තත්වය නිසා මෙම කර්මාන්තවල යෙදි සිටින පිරිස් වලට එකී කර්මාන්ත පවත්වා ගෙන යාමට නොහැකිවීම නිසා දැඩි ආර්ථික අපහසු තාවයට පත්ව සිටිව බවද ඔව්හු පවසති. ඔවුන් සඳහන් කරන පරිදි කොහු හා ඉදැල් න්ෂ්පාදනය සඳහා අවශ්‍ය මෝටර් ක්‍රියාකරවිම පිණිස තෙකලා (ත්‍රීපේස්) විදුලිය අත්‍යවශ්‍ය බවත්, එම පහසුකම් නොමැතිකම තවත් බරපතල ගටලුවක්වී තිබේ. දැනට එකලා විදිලිය උපයෝගීකර ගනිමින් ක්‍රියාකරවන මෝටර්වල ධාරිතාවය අඩු බැවින් ඒවායින් කාර්යක්ෂම සේවයක් ලබාගත නොහැකි බවද ඔව්හු පවසති.

පොල් රෝගය වැලඳිම නිසා වැලිගම ඇතුලු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහොමයක පොල් ගස් කපා ඉවත්කිරිම අමු ද්‍රව්‍ය හිඟයට හේතුවි තිබෙන බවත්, ම බාධක මගහරවා ගැනීම සඳහා අදාල බලධාරීන්ගේ පුර්ණ අනුග්‍රහය අත්‍යවශ්‍ය බවද කර්මාන්ත කරුවෝ අවධාරනය කරසිටිති.

මේවන විට විවෘත වෙළඳ පොලේ කොහු සහ ඉදැල් මිළ රුපියල් 120 සිට 130 ඉක්මවීම පිලිබඳව පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

එබැවින් එකි කාර්මාන්ත සාර්ථකව පවත්වාගෙන යාම හරහා සහන සලසන ලෙස ඔව්හු අදාළ බලධාරින් ගෙන් ඉල්ලා සිටිති. 

පි.පි.ජී. සුගතදාස තිහගොඩ සමුහ

නව අදහස දක්වන්න