රියැදුරන්-පදිකයන්ගේ වැරැදි හේතුවෙන් 2017 දී මාර්ග අනතුරු හතළිස් දහසක් | දිනමිණ

රියැදුරන්-පදිකයන්ගේ වැරැදි හේතුවෙන් 2017 දී මාර්ග අනතුරු හතළිස් දහසක්

විජයානි එදිරිසිංහ

රියදුරන් විසින් සහ පදිකයන් විසින් මාර්ග නිති . සාංඥ පිළි නොපැදිම සහ වෙනත් වැරදි ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 2017 වර්ෂය තුළ මාර්ග අනතුරු හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුවි තිබේ. ඊට අමතරව මාරක රිය අනතුරුවලින් මිය ගොස් ඇති පුද්ගලයන් ප්‍රමාණය 3100 ක් වෙයි.

තවත් පුද්ගලයන් 7500 ක් පමණ බරපතල තුවාල ලබා සිටිති.

පුද්ගලයන් තුන්දහස් එකසියයක ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ රිය අනතුරු 2922කින් බවද පොලිස් මුලස්ථාන වාර්තා පෙන්වා දෙයි.

පොලිස් මුලස්ථාන රථවාහන අංශය මගින් මාර්ග නිති පිළිනොපැද පොලිස් නිරික්ෂණයට හසු වි දඩපත් වලට හසු වි ඇති පිරිස ලක්ෂයක් පමණ වන බවද වාර්තා වෙයි. මෙතරම් විශාල පිරිසක් විසින් මාර්ග නිති පිළිනොපැදිම නිසා පොලිස් නිරික්ෂනයට හසුවු ප්‍රමාණය සහ මාර්ග අනතුරුවලට හසු වි ඇති පිරිස අතර එකතුව අනුව මාර්ග නිති අනුගමනය නොකර අනතුරු සිදුකළ පිරිස සහ දඩපත් නිකුත් වි ඇති පිරිස අතර ප්‍රමාණය පුද්ගලයන් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වෙයිි

රථවාහන පොලිස් නිරික්ෂණයට හසු නොවු මාර්ග නිති අනුගමනය නොකළ පිරිස මිටත් වඩා වැඩි විය හැකි බවද පොලිසිය පෙන්වා දෙයි. රථවාහන පොලිස් නිළධාරින්ි දිවා රැ වැස්ස අව්ව නොබලා කටයුතු කිරිම නිසා මෙතරම් විශාල ප්‍රමාණයක් මෙසේ නිතියට කොටු කර ගැනිමට හැකි වි ඇත.

මෙසේ සිදු වි ඇති රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදු වි ඇත්තේ බිමත්ව රිය පැදවිම, සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවිම නිසා වෙයි.

ත්‍රිරෝද රථ වැඩි වශයෙන්ම අනතුරට ලක්වි තිබේ එම රථවලින් වැඩි ප්‍රමාණයක් මාරක අනතුරුවලට ලක්ව තිබෙන්නේ එම රථවල ගෙනයා යුතු ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රැගෙන යාම නොසැළකිලිමත් ව රිය පැදවිමයි.

තවද යතුරු පැද නිසාද මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වි ඇති මාරක රිය අනතුරු අතර වෙයි.

මාර්ග නිති අනුගමනය නොකරමින් නොසැළකිලිමත්ලෙස රියපදවන රියදුරන් පමණක් නොව එවැනි වැරදි කරන පදිකයන්ටද එරෙහිව නිතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට රථවාහන පොලිස් නිළධාරින්ට රථවාහන පොලිස් මුලස්ථානය මගින් උපදෙස් ලබා දි ඇත. හෙල්මට් පාවිච්චි නොකිරිම රිය අසුන් පටි නොපැළදිම රියදුරු බලපත් නොමැතිව රක්ෂණ සහතික නොමැතිව රිය පැදවිම යන වැරදි කරන රියදුරන්ට මෙන්ම කහ ඉර තිබියදි මහමග වෙනත් ස්ථානවලින් පාර හරහා ගමන් කිරිම විදුලි සංඥ පුවරුවල ඇති සාංඥවලට පටහැනිව පාර හරහා ගමන් කිරිම පදික වේදිකාවේ ගමන් නොකිරිම යන වැරදි කරන පදිකයන් විශාල පිරිසක් සම්බන්ධවද රථවාහන පොලිසිය නිති මගින් කටයුතු කර ඇත.

මාර්ග නිති අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට මහජනතාව දැනුවත්කරන වැඩ සටහන් විශාල ප්‍රමාණයක් රථවාහන පොලිසිය විසින් ක්‍රියාත්මක කරගෙන යයි. ඒ සඳහා පෞද්ගලික ව අංශයේ විවිධ ආයතන විද්යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රත මාධ්‍යද විශෘල සහායක් ලබා දෙන බවද රථවාහන පොලිසිය කියයි.

මහමග සිදුවන රිය අනතුරු අවම කරගනිමින් අකාලයේ විනාශ වන ජිවිත ආරක්ෂා කර ගැනිමට රථවාහන පොලිසිය මේ ආකාරයෙන් රාජකාරියට එහා ගිය විශාල සේවයක් කරගෙන යයි.

නව අදහස දක්වන්න