වියළි කාළගුණයත් සමගම නිවසක් ගිනිගනී - PHOTOS | දිනමිණ

වියළි කාළගුණයත් සමගම නිවසක් ගිනිගනී - PHOTOS

දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ සර්කියුලර් පාරේ නිවසක් අද දහවල් 12.00ට ගිණි ගෙන තිබේ.

හැටන් දික්ඔය නගර සභාව පැවසුවේ,මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය ඊට හේතුව බවයි.

එම නිවසේ වහල ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වි එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිණි ඇවිලි ගින්න හටගත් බවයි එම නිවසේ හිමියන් පවසන්නේ.

ගින්නෙන් එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පාවිචිචියට නොගන්නා උපකරණ රැසක් ද විනාශ වී ඇත.

පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ.

 

නව අදහස දක්වන්න