හොරණ-කනන්විල මාර්ගය දැඩි ලෙස අබලන් | දිනමිණ

හොරණ-කනන්විල මාර්ගය දැඩි ලෙස අබලන්

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ උඩුව කනිෂ්ඨ විද්‍යාලය හරහා කනන්විල දක්වා වු මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව ජනතාව පවසති. වැසි දිනවලට එකම මඩ ගොහොරුවක් බවට පත් වෙන මෙම මාර්ගයේ පාසල් දරුවන් ගමන් කරන්නේ විශාල අපහසුතාවකින් යුතුව බව ඔවුන් පෙන්වා දෙති. ආසියානු සංවර්ධන ණය ආධාර යටතේ රුපියල් මිලියන 82.63 ක වියදමින් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතත් එහි වැඩ බෝඩ් එකකට පමණක් සිමා විම පිළිබඳ ඔවුන් මැසිවිලි නඟති.

ඩබ්. පුෂ්පා මහත්මිය - මේ පාර දැන් හරි අපහසුයි. වලවල් හැම තැනම. වැස්සට අඩි දෙක තුනක් වතුර පිරෙනවා. 2016 වැඩ පටන් ගන්නව කියල තිබුණා. ඒත් බෝඩ් එකකට විතරක් සිමාවෙලා.

ආර්. සමන්ති මහත්මිය- මාරගහහේනෙ ඉදල කනන්විලට වැටෙන පාර මේක. මොරගහහේන පාදුක්කට යන අයත් මේ පාර ප්‍රයෝජනයට ගන්නව. ළමයින්ට සුදු ඇදුමක් ඇදගෙන ඉස්කෝලෙ යන්න බැ. සපත්තු ටික දවසයි. මඩ පාට වෙනව. ලෙඩෙක් අරගෙන වාහනයක් යන්න බැ දෙපැත්තට එරෙනව.

ඩි. ආරියතිලක මහතා - මම පොඩි වෙළෙඳ ව්‍යාපාරයක් කරනවා. මේ පාර අවුරුදු ගානක ඉදල මනිනව විතරයි. හැදිල්ලක් නම් නෑ. කැකිල්ලහේනෙ ඉදල මොරගහහේන දක්වා තියෙන පාර. ඉක්මනට හදල දෙනව නම් කොච්චර වටිනවද.

හේමා ගම්ලත් මහත්මිය- ගමේ මරණයක් වුණාම මිනිය ගෙනියන්න වෙලා තියෙන්නෙ වලවල්වල වැටි වැටි. අද හදනව හෙට හදනව කියනවා. එච්චරයි. හැදිල්ලක් ඇත්තෙ නැ.

නව අදහස දක්වන්න