බඩු විකුණන අස්සේ කුඩුත් විකුණලා | දිනමිණ

බඩු විකුණන අස්සේ කුඩුත් විකුණලා

හිනිදුම විශේෂ රවින්ද්‍ර ලියනගේ

තල්ගස්වල සති පොළේ වෙළඳාම් කරන අතරේ මත් කුඩු ජාවාරමේ නිරතවූ වෙළෙන්දන් දෙදෙනකු කුඩු මිලිග්‍රෑම් 4370ක් සමඟ ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

නාගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් 34 සහ 24 වයස්වල පසුවන අතර දෙදෙනාම ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. එක අයෙකු ළඟ කුඩු මිලිග්‍රෑම් 2160ක් ද අනෙකා ළඟ කුඩු මිලිග්‍රෑම් 2210ක් ද තිබී ඇත. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙයි. ගාල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතාගේ සහ ගාල්ල දිසා 4 බාර සහකාර පොලිස් අධිකාරී කරුණාකළගේ මහතාගේ නියෝග සහ උපදෙස් මත නාගොඩ පොලිස් ස්ථානාධිපති ධම්මික ඩයස් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පොලිස් කොස්තාපල් 59071 වසන්තලාල්, පොලිස් කොස්තාපල් 80075 සරත් අමරසිංහ, පොලිස් කොස්තාපල් 85278 සම්පත් ආරක්ෂක සහායක 2753 පී. සුමිත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

නව අදහස දක්වන්න