ජෙකොබ් සූමා ජනපති ධූරයෙන් ඉවතට | දිනමිණ

ජෙකොබ් සූමා ජනපති ධූරයෙන් ඉවතට

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ය.ජෙකොබ් සූමාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නැයි අප්‍රිකානු පාලක පක්ෂය බල කර සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය.

1999 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙකොබ් සූමා 2009 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් විය.

නව අදහස දක්වන්න