ඇතුගලට රථ ගාලක් | දිනමිණ

ඇතුගලට රථ ගාලක්

 කුරුණෑගල නගරයේ ඇතාගල මත ඉදිකර ඇති අසූ අටරියන් බුදු පිළිමය නැරඹීම සඳහා දිවයිනේ සිවු දෙසින් ජනතාව පැමිණෙණ අතර බොහෝ දෙනෙක් එම ස්ථානයට යෑමට මැලි කරන්නේ රථ වාහන නැවතීමට හා බස් රථ හැරවීමට පහසුකම් නොමැති නිසාය. එයට විසදුමක් වශයෙන් විශාල ප‍්‍රමාණයේ බස් රථ 10ක් පමණ එකවර ගාල් කළ හැකි රථගාලක් ඉදිකර ඇත.

කුරුණෑගල ට පැමිණෙන සංචාරකයන් හා වන්දනා කරුවන් වෙනුවෙන් පහසුකම් රැසක් සම්පාදනය කර ඇති අතර අභිනවයෙන් ඉදිකළ රථගාල නගරයේ ව්‍යාපාරික මහත්මයෙක්ගේ පෞද්ගලික උත්සාහයක හා කැපවීමක ප‍්‍රතිඵලයකි. කුරුණැගල නගර සභාව බැකෝ යන්ත‍්‍ර ලබා දෙමින් විධිමත් ලෙස රථගාල සැකසීමට දායක විය. ඇතුගලට පැමිණෙන බොහෝ දෙනෙක් මේ පිළිබඳව ප‍්‍රශංසා කළහ.

ඡායාරූපය- මාවතගම විශේෂ ආනන්ද විජේතිලක 

නව අදහස දක්වන්න