දංකොටුවේ කසිප්පු අල්ලන්න ගියාම අවි ආයුධ තොගයක් මතුවෙලා | දිනමිණ

දංකොටුවේ කසිප්පු අල්ලන්න ගියාම අවි ආයුධ තොගයක් මතුවෙලා

දංකොටුව පොලිස් වසමට අයත් ඇටියාවල කැරන්වත්ත ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ ගිනි අවි, ජීවඋණ්ඩ හා තියුණු ආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ නිලධාරින් සමත් වෙති.13 දින රාත්‍රියේ මේ වැටලීම සිදුකර තිබේ.

රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පත‍රොම් තුවක්කු 02 ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 පතරොම් තුවක්කු 01 ක්, ටී-56, බෝර 12 හා මිලිමීටර් ජීව උණ්ඩ 75 ක්, බෝර 12 හිස් පතරොම් 66 ක්, ව්‍යාජ පිස්තෝල 03 ක්, විදේශීය නිෂ්පාදිත කඩු 02 ක් හා උල්පිහි 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නිවසේ හිමිකරු පලා ගොස් තිබේ.

සැකකරුවන් දංකොටුව හා සඳලංකාව ප්‍රදේශයන්හි පදිංචි අය වෙති.

අවි ආයුද තිබූ නිවස පිටුපස කුකුල් කොටුවක් කරන මුවාවෙන් මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන යන බවට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ නිලධාරින්ට ලැබූ තොරතුරක් මත එම වැටලීම සිදුකිරීමට ගිය අවස්ථාවේ ස්කාගාරයෙන් නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් නිවස තුළ ගබඩා කර ඇති බවට ලද තොරතුරක් මත නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ අල්මාරියක් තුළ මෙම ගිනි අවි හා ජීව උණ්ඩ සඟවා තිබිණි.

මෙහිදී කසිප්පු නිෂ්පාදනාගාරය වටලා ගෝඩා බැරල් 04 ක්, දඟර 06 ක් ගෑස් සිලින්ඩර් 02 ක් හා නිෂ්පාදනය කරන ලද කසිප්පු ඩ්‍රෑම්ස් 2160 ක් අත්අඩංගුවට ගැණිනි.

අත්අඩංගුවට පත් සැකකරුවන්, අවි ආයුද හා කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගත් උපකරණ හා කසිප්පු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දංකොටුව පොලිසියට බාරදීමට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ නිලධාරීහු කටයුතු කළහ.

ඡායාරූප - මිරවිල සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...