තවාළුවිල දී ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා | දිනමිණ

තවාළුවිල දී ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා

අම්බලන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගයේ තවාළුවිල ප්‍රදේශයේ දී මාර්ග රක්ෂිතයේ පිහිටි විශාල පැරැණි මාර ගසක් (13) කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා ඇති විය.

මාර ගස කඩා වැටීමෙන් ඒ අසල පිහිටි කුඩා පෙට්ටි කඩයකට හානී සිදු වී ඇති අතර නතර කර තිබූ ත්‍රීරෝද රථයකට හානි සිදු වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.

මාර්ගයට කඩා වැටණු මාරගසේ අතු ඉවත් කර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට ඉඩ සලැස්විමට පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරියේ කම් කරුවන් යොදා ගනිමින් සිදු කෙරිණි.

මාරගස කඩා වැටීමෙන් දුරකථන කණුවකට හා රැහැන් පද්ධතියටද හානී සිදු වී ඇත.

මෙම ස්ථානයේ මාරගස් කිහිපයක් තවත් පිහිටා ඇති අතර නිරන්තරයෙන් වාහන නතර කරමින් ගිමන් හැරීම සිදු කරන අතර අම්බලන්තොට ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යානය පිහිටි ස්ථානයේ ද මෙවැනි මාර ගස් පිහිටා ඇත.

මාර ගස කඩා ගෙන වැටෙන විට කිසිදු සුළඟක් පැවැති නැති බවත්, තමා එළියේ පුවත් පත පලමින් සිටින විට එක් වර ගස ඇලවෙමින් තිබෙන දුටු විගස කඩය ඇතුලේ සිටි දියණියට කතා කර මොහෙතේම ගස කඩා වැටුණු බවත් දියණියට කිසිදු තුවාලයක් සිදු වී නැති අතර කඩයට බරපතළ හානි සිදු වූ බව අනෝමා මහත්මිය කීවාය. 

ලුණම සමූහ

නව අදහස දක්වන්න