සුරියවැව කරමැටියේ බණ්ඩි ගොයම වන අලි වනසලා | දිනමිණ

සුරියවැව කරමැටියේ බණ්ඩි ගොයම වන අලි වනසලා

සුරියවැව වැලිවැල ග්‍රාම නි,ධාරි වසමට අයත් කරමැටිය ගම්මානයට ඊයේ (13) අලුයම කඩා වැද ණු වල් අලි හත් දෙනෙකුගෙන් යුත් රංචුවක් කරමැටිය වෙල්යායේ බණ්ඩි ගොයම කා විනාශ කර දමා තිබේ.

ගම්වාසීන් පවසන්නේ දිනපතාම වාගේ රාත්‍රි කරමැටිය ගමට වන අලි කඩා වදින බවයි. මේ වන විට ගම්මුන් තම ජිවිත හා නිවාස ආරක්ෂා කරගැනිම සදහා ඔවුන් තමන්ගේ නිවෙස් වටා විදුලි වැටවල්ද සකස් කරගෙන තිබේ.

කරමැටිය පදිංචි එම්.ජී.ජී.නන්දියස් මහතා මෙසේ පැවසීය.

කරමැටිය පාර දිගේ ආව අලි හත් දෙනෙකු විතර එක සැරේට පාන්දර 1.30ට විතර වෙල් යායට කඩාගෙන වැදුණා. මමත් ඒ වෙලාවේ කුඹුරු රකිමිනුයි හිටියේ. මමයි අනිත් කුඹුරු රකින්න ඇවිත් හිටිය අයයි එකතු වෙලා අලි වෙඩි දමලා කෑ ගහලා අලි එළවගන්න බැලුවා. නමුත් හරි ගියේ නෑ. අලි ටික උන්ට ඇති වෙනකම් බන්ඩි ගොයම කාලා ඉවර වෙලා කරමැටිය පාර දිගේ ගියා. අලි එන්න හේතුව තමයි අලි වැට ශක්තිමත් නැති එක. අලි වැට නමට විතරයි තියෙන්නේ. සිවිල් ආරක්ෂක එකේ අය උදේට ඇවිත් අලි වැට කැඩිලා තියෙන තැන් හදලා යනවා. නමුත් ඒ අලි වැටේ කරන්ට් එකක් නෑ.මේ අලි වැට හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

කේ.එන්.කුමාරසිරි මහතා. - ඉස්සර නම් මේ පැත්තට මේ විදියට අලි කරදර තිබුණේ නෑ. ඉදලා හිටලා අලියෙක් දෙන්නෙක් ආවත් මේච්චර අලි කරදර මිනිස්සුන්ට තිබුණේ නෑ. දැන් හැමදාම අලි එනවා. විවිධ අය මේ කරමැටිය පාර දෙපැත්තට කුණු ගෙනත් දමනවා. ඒවා කන්න අලි එන්න පටන් අරගෙන දැන්. ඊයේ රෑත් අලි රංචුවක් ඇවිත් පාර දිගේ තිබුණු කුණු බෑග් වගයක් පාර දිගට ඇදල දමලා තියෙනවා.

වැලිවැව පදිංචි එම්.පී.ඥානවති මහත්මිය.

අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. අද වෙනකොට ඒකවත් අපිට නිදහසේ කරගෙන ඉන්න විදියක් නෑ.හැමදාම රෑ එළිවෙනකම් වන අලිත් එක්ක අපි සටන් කරනවා. ඇතැම් වෙලාවට ජිවිතේ පවා බේරෙන්නේ අනූනමයෙන්. කුඹුරු ගොවිතැන් කරන්නේ ජිවත් වෙන්න ඕන නිසයි. අපි මේ විදින දුක ගැන මේ කිසිදු බලධාරියෙකුට නොතේරෙන එකයි පුදුමේ. පිං සිද්ධ වෙයි දැන් වත් අපිට අපේ ගමේ අලි වැට හදලා ඒකට කරන්ට් එක දමලා අලි ගම් වදින එක නතර තර දෙන්න

සුරියවැව විශේෂ

නව අදහස දක්වන්න