යතුරුපැදි දෙකක් ගැටී දෙදෙනෙක් මියයයි | දිනමිණ

යතුරුපැදි දෙකක් ගැටී දෙදෙනෙක් මියයයි

පඩුවස්නුවර නුවවෙල හංදියේ සිට කොබෙයිගනේ ප්‍රධාන මාර්ගයේ පසුගිය දා (09) රාත්‍රියේ ගමන් කරමින් තිබු යතුරු පැදි දෙකක් එකිනෙකට මුහුණලා ගැටීමෙන් සිදුවු අනතුරක් නිසා යතුරුපැදි දෙකේ ගමන් කරමින් සිටි දෙදෙනාම එම ස්ථායේ දීම සිටි බව හෙට්ටිපොළ පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇතතේ පඩුවස්නුවර පහළ හල්මිල්ල කොටුව තුත්තිරිපිටිගම පදිංචිව සිටි එස්.පි.පි.හේමන්ත පුෂ්පකුමාර පේමසිරි (අවු.43) නැමති එක් දරුපියෙක් සහ පඩුවස්නුවර කඩවලගෙදර පදිංචිව සිටි කේ.එම්.කුෂින් සදීප බණ්ඩාර (අවු.18) නැමැති තරුණ මහතාය.

අප යන විටත් හඩමින් සිටි කඩවලගෙදර තුත්තිරිපිටිගම පදිංචි ඩබ්.ඒ.මාලනී කුසුමලතා මහත්මිය අපට මෙසේ පැවැසීය. එදා සිකුරාද දවසේ මම පුතා රෑ කැමට එනකල් බලාගන හිටියේ ඒ වෙලාවෙ රෑ පුතාගේ යාළුවෙක් ඇවිත් මට කීවා පුතාගෙ මෝටර සයිකලය හැප්පිලා පුතා හෙට්ටිපෙළ රෝහලට අරන් ගියා කියලා. මම ඉක්මනට ළග ගෙදර අයත් එක්ක රෝහලට ගියා.මම යනකොට පුතා ට්‍රෙලියක දාලා හිටියෙ. ඔළුවෙන් ලේ ගලලා තිබුණ්. එතැන හිටිය දොස්තර මහත්තයා කීවා මගෙ පුතා මැරිලා කියලා.

අනේ මහත්තයෝ මට හිටියේ දුවලා දෙන්නයි එකම පුතයි.පුතා තමයි බාලයා. එයා කඩවලගෙදර මහ විද්‍යාලයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ලියලා හිටියේ. එයා කැමති මෝට සයිකල් වලට. ඒ හින්දා පාඨමාලාවකුත් කළා.පස්සේ පුතා කුලියාපිටිය කරගහගෙදර නංගිලා ගෙදර නතරවෙලා යතුරු පැදි අළුත් වැඩියා කරන වැඩ පලක වැඩ කළා. මිය යන්න දවස් තුනකට කලින් තමයි ඔය මෝටර් සයිකලේ අන් දුන්නේ. එදා සිකුරාදා හවස තුනට විතර තමයි ගෙදර ආවේ.මම රපියල් 40ක් දීලා කීවා ගෙදර ඔරලෝසුවට බැටරි කෑල්ලක් අරන් එන්න කියලා ඒ ගිය ගමන් තමයි පුතා පෙට්ටියෙන් ගෙදර ආවේ.

අනතුරින් මියගිය අනෙක් තැනත්තා වූ හේමන්ත පුෂ්ප කුමාරගේ බිරිද අනෝජා මල්කුමාරි (අවු.38) මහත්මිය කදුළු පෙරමින් හඩ හඩා මෙසේ පැවසීය. මගෙ මහත්මයා යතුරු පැදි අළුත් වැඩියා කරන එක තමයි කරන්නේ. උදේ ඉදලා වැඩ කරලා රෑට පුගාට කන්න රයිස් එකක් ගේන්න කියලා රෑ අටට විතර නුගවැල හංදියට ගියා. යනකොට මට කීවා කුරුණෑගල පුංචි අම්මලාගේ ගෙදර යන්න එලවළු විකකුත් අරන් එන්නම් කියලා.මහත්තයා ගෙදර එන්න පරක්කු වුණා. පුතයි මායි පාරබලාගෙන හිටියේ ඒවෙලාවේ ළග එක්කෙනෙක් ඇවිත් කීවා අක්කේ හේමන්තගේ බයිසිකලේ හැප්පිලා හේමන්ත හෙට්ටිපොළ රෝහලට අරන් ගියා කියලා. ඉක්මනටම අප්පච්චි කීවා මම ගිහින් බලලා එන්නම් ඔයා ඉන්න කියා. අප්පච්චි ගාය ඉක්මනිම්ම දුවගෙන ඇවිත් කීවේ මගෙ මහත්තයා නැතිවෙලා කියලා. යට ඉන්නේ අවුරුදු හතක පුංචි පුතෙක්. දැන් පුතයි මායි තනි වුණා.

ප්‍රදේශයේ හිතවතුන් නෑදෑයින් ගේ සෝ සුසුම් මැද 11 වන දින පස්වරුවේ කපුගම පොදු සුසාන භූමියේ දී කුෂාන් අවසන් ගමන් ගිය අතර හේමන්ත පුෂ්පකුමාර පහළ හල්මිල්ලකොටුව පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියේය. කුෂාන් සදීප බණ්ඩාරගේ සහ හේමන්ත පුෂ්ප කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියපෙිටිය මූලික රෝහලේ දී 10 වැනි දින සිදුකෙරිණි. 

පඩුවස්නුවර සමූහ

නව අදහස දක්වන්න