ලක්ෂ 10ක වියදමින් දෙ‍වොලට පින් පෙට්ටියක් | දිනමිණ

ලක්ෂ 10ක වියදමින් දෙ‍වොලට පින් පෙට්ටියක්

කතරගම මහා දේවාලයට පමණක් දෙවැනි වන සේරුනුවර වෙරුගල් හි පිහිටි චිත්‍ර වේලී වේලායුධම් දේවාලය ත්‍රිකුණාමළය මඩකළපුව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අතර මෙතෙක් එම දේවාලය පසු කරගෙන යන එන යාන වාහන හා මගීන්ද පඬුරක් දමා යාමට එහි පින් පෙට්ටියක් නොමැතිවීම ගැන පසුවූයේ මහත් කනස්සල්ලකට හා අපහසුතාවයකටය.

මේ පිළිබඳව කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතා දේවාලය පිහිටි සේරුනුවර පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මගලේගොඩ මහතාට දන්වා ඇති අතර මගලේගොඩ මහතා වහා ක්‍රියාත්මක වී දේවාලය අයත් වෙරුගල් ප්‍රා.ලේකම් එස්.දයාබරන් මහතා දැනුවත් කොට ඇත.

ඊට වහා එකඟතාවය පලකොට ඉතාම කොටි කාලයකදී රුපියල් ලක්ෂ 10 ක් පමණ වැයකොට ඉතාම ශක්තිමත් පින් කැටයක් පොලිසිය හා ප්‍රා.ලේකම් කාර්යාලය එක්ව සාදා විවෘත කිරීම සුබ නැකතින් සිදු කෙරිණි.

ප්‍රා.ලේකම් දයාබරන් පොලිස් අධිකාරි හේසිරි පොලිස් ස්තානාධිපතිි මගලේගොඩ යන මහත්වරුන් සුබ මොහොතින් පින් කැටය විවෘත කළ අයුරු .

කන්තලේ සමූහ
සුමිත්‍රා කුමාරිහාමි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...