මුහුණු පොතෙන් තර්ජනය කර ඡන්දෙට පසුදා ගෙදරට ගහලා | දිනමිණ

මුහුණු පොතෙන් තර්ජනය කර ඡන්දෙට පසුදා ගෙදරට ගහලා

ප්‍රහාරයට ලක්ව රෝහල්ගතකර සිටින ළමයින් දෙදෙනා සහ පෙළපාලිකරුවන් එල්ල කළ පොලු පහරින් හිස තුවාල වූ තැනැත්තා

මැතිවරණයට පෙර ගලහ දෙල්තොට ලිටිල්වැලි ප්‍රදේශයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයාට මුහුණුපොතෙන් තර්ජනය කර මැතිවරණයෙන් පසු ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 6 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු දෙල්තොට රෝහලටත්, බරපතළ තත්ත්වයේ ඇති ‍අයෙකු පේරාදෙණිය රෝහලටත් ඇතුළත්කොට තිබේ.

ස්වාධීන කණ්ඩායමේ මාළුවා ලකුණින් තරඟ කළ ආර්. එම්. සුමතිපාල නමැති මොහු ගලහා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලට අනුව පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පහර දුන් බව පවසා ඇත.

පෙළපාලියකින් පැමිණි මේ පිරිස තම නිවෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ලකොට පසුව තම මස්සිනාගේ හිසට පොල්ලකින් පහරදීම නිසා බරපතළ තත්ත්වයේ සිටින ඔහු මෙසේ පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව සුමතිපාල මහතා පැවසීය.

ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 14 හා 15 ගැහැනු ළමයින් දෙදෙනෙකු මෙසේ දෙල්තොට රෝහලට ඇතුළත්කොට තිබේ.

සුමතිපාල මහතා සඳහන් කළේ මීට දින 04 කට පෙර තමන් මාළුවා ලකුණ යටතේ තරඟ කිරීම ගැන මොවුන් මුහුණුපොතෙන් තර්ජනය කළ බවයි. 

ගම්පොළ සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...