චීන ජනාධිපති දිළිඳු ගම්මාන කීපයක නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

චීන ජනාධිපති දිළිඳු ගම්මාන කීපයක නිරීක්ෂණ චාරිකාවක

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වසන්ත උත්සවය උදා වීමට පෙර ස් චුවාන් පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි චාඕ චුයි වෙත පැමිණ එහි දිළිඳු ගම්මාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා සුළු ජන කොටසක් වන යී ජාතික පවුල්වල සාමාජිකයන් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසූ අතර ඔහු ප්‍රාදේශීය නිලධාරීන් සමඟ එක්ව එම ගම්මානවල වැසියන් දිළිඳු බවෙන් මුදා ගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ද සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

චීන ජනාධිපතිවරයා ගේ මේ සංචාරයෙන් එම දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාව මහත් සතුටට පත් වී තිබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...