සාක්කොට්ටේ නැරඹුමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට | දිනමිණ

සාක්කොට්ටේ නැරඹුමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට

උතුරේ සංචාරක ආකර්ෂණය දිනාගත් පේදුරුතුඩුව සාක්කොට්ටේ නැරඹුමේ මධ්‍යස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු සංචාරකයින් සඳහා විවෘත කෙරිණ.

උතුරු පාළාතේ යාපනය දිස්ත‍්‍රීක්කයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතුරෙන් ප‍්‍රසිද්ධියටපත් පේදුරුතුඩුව සාක්කොට්ටේ නැරඹුම් මධ්‍යස්ථානය සංචාරකයින් සඳහා වඩාත් උචිත අනන්දමින් ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත්කිරීම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරචිචිගේ අතින් සිදුකරන ලදි.

55 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ අධික්‍ෂණය යටතේ 551 බළසේනාධිපති කර්නල් මහේන්ද්‍ර ප‍්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් 18 වන ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පාලිත හේරත් සහ එම ඒකකයේ සෙසු නිළයින්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ජනතා අයිතියට පත්කල බව ද සදහන්.

ආරක්‍ෂක සේනා මුලස්ථානය යාපනය ආඥාපතිවරයා විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදුකල 18 ශී‍්‍ර.ල.පා.හ ඒකකයේ නිලධාරි/සෙසුනිළයින් ඇගයීම සිදුකල අතර, ස්වේච්ඡාවෙන් පූර්ණ ශ‍්‍රම දායකත්වය ලබාදුන් අයවළුන් ඇගයීමට සමරු සිහිවටන ලබාදීම සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා බළප‍්‍රදේශයේ සේනංකාධිපතිවරුන්, බළ සේනාධිපතිවරුන්,,සෙසුනිළයින් සහ ප‍්‍රදේශයේ ජනතාව ද සහභාගි විය.

නව අදහස දක්වන්න