මිලියන 4012ක මූල්‍ය වංචාවට හිටපු වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට වරෙන්තු | දිනමිණ

මිලියන 4012ක මූල්‍ය වංචාවට හිටපු වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට වරෙන්තු

සුභාෂීණී සේනානායක

ගිං- නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් සියයට පහක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධීයේ හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12) විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

ඒ මහතාගේ බැංකු ගිණූම් තුනක් පරීක්ෂා කිරිමටද රහස් පොලිසිය අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහාද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අවසර ලබා දුන්නාය.

මේ විමර්ශන සඳහා සහාය නොදී සැකකරු මගහැර සිටින බවටත් මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.

සිටියේය.

ගිං-නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාළ ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.

දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත. 

නව අදහස දක්වන්න