පළාත් පාලන ආයතනවල වෙනත් පක්ෂ හා එක්ව බලය පිහිටුවීමට තීරණ ගෙන නෑ | දිනමිණ

පළාත් පාලන ආයතනවල වෙනත් පක්ෂ හා එක්ව බලය පිහිටුවීමට තීරණ ගෙන නෑ

බුද්ධිකා ඉඹුලාන

පළාත් පාලන ආයතනවලදී වෙනත් පක්ෂ සමඟ එක්ව බලය පිහිටුවීම සඳහා තවම තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් කටයුතු කිරීමේදී සහෝදර පක්ෂ ගණනාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදීද විශාල සහයෝගයක් ලබා දුන් බවත් පවසන මහලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ සහෝදර පක්ෂ විශාල ජයග්‍රහණයක් මෙවර පළාත්පාලන මැතිවරණයේදී අපේක්ෂා කළද එම ඉලක්ක සපුරා ගත නොහැකිවූ බවයි.

මහජනතාව ලබා දුන් තීන්දුව පිළිගන්නා බවත් ,පක්ෂයේ අඩුපාඩු නිවැරදි කර ගෙන ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණ මාවතට අවතීරණ වන බවද මහලේකම්වරයා කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ලක්ෂ 10 ක පමණ ජනතා ඡන්දයක් ද (8.94% ප්‍රතිශතයක්)ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස ලක්ෂ 05 ක ජනතා ඡන්දයක්ද(4.44%ප්‍රතිශතයක්) හිමිකර දිම පිළීබඳව සිය පාක්ෂිකයින්ට ස්තූතිය පිරිනමන බවද මහලේකම්වරයා අවධාරණය කරයි. 

නව අදහස දක්වන්න