කෑගල්ල මහ රෝහලට එන වාහනවල කෑලි උස්සන සොරමුළක් කොටු | දිනමිණ

කෑගල්ල මහ රෝහලට එන වාහනවල කෑලි උස්සන සොරමුළක් කොටු

 කෑගල්ල ශික්ෂණ රෝහල කෑගලු දිසාවේ ප්‍රධානම මහ රෝහලයි. විවිධ වු රෝගා බාධ සඳහා නේවාසික මෙන්ම බාහිර ප්‍රතිකාර සඳහා ද දිනපතා මෙහි පැමිණෙන ජනතාව අති විශාලය. නේවාසික රෝගීන් බැලීමට එන ඥාතීන්ගෙන් ද , පෙරවරු අටට ආරම්භ වන උදෑසන ශායන ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ද ,රෝහල් භූමිය සකස්වන්නේ කුරුලන් හඩලන අලුයම 4.00 පමණ කාලයේ සිටය.

විවිධ වු චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන දවසේ දහසකුත් බලාපොරොත්තු ,ඇතිව ආපසුයාමේ කඩිනම් අවශ්‍යතාවද සිතැතිව මෙහි ඇදෙන පිරිස් තමන් පැමිනි යතුරුපැදිය ,ත්‍රිරෝද රථය හෝ මෝටර් රථය කෑගල්ල මහ රෝහලේ් රථගාලට දමා බැහැරව යන්නේ දැඩි කලබලයකිනි.

එසේ දිවයන්නන් ගැන අවධානයෙන් සිට ඔවුන් ආපසු ඒමට පෙර එම වාහන ගෙඩිපිටින් හෝ කොටස් වශයෙන් රැගෙන පළායන සොරමුලක් ගතවු කාලයේ කෑගල්ල රෝහල් භූමියේ සැරිසැරූ බවද බොහෝ දෙනෙක් දැනනොසිටි කරුණකි. මෙවැනි අපහසුතාවන්ට පත්වු වන්ගෙන් ද පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ නම් එයද ඉතාමත් කලාතුරකිනි. පොලිසියට ගොස් ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරිම ද තවදුරටත් තමන්ගේ කාලය හා මහන්සිය අපතේයාමක් ලෙස කල්පනා කර නිහඬ වුවෝද බො‍හෝ පිරිසකි.

එහෙත් කෑගල්ල පොලීසියට මේ පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳව අවධානයෙන් සිටි මුලස්ථාන පොලිස් පරික්ෂක පී. මානවඩු මහතා තමන් වෙත ලැබුණු පුද්ගලික තොරතුරක් ඔස්සේ එම සොරකම්හි යෙදුණු පස්දෙනෙකුගෙන් යුත් සොරමුලක් සොරා ගත් ත්‍රිරෝද රථ දෙකක් සහ තවත් රථ වාහන අමතර කොටස් රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට පසුගියදා සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මත්තුඩු භාවිතයට ඇබ්බැහි වු ජාවාරමේ යෙදෙන්නෙක් බවටද අදුනාගනු ලැබු අතර ඔහු සතුව තිබු හෙරෝයින් මිලි ග්‍රෑම් 2220ක් ද සැකකරු සමඟ කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමට එම වැටලීම් කළ නිලධාරින්ට හැකිවිය. සැකකරුවන් පස්දෙනා දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග කළ කෑගල්ල මහේස්ත්‍රාත්වරයා තවදුරටත් වැඩිදුර පරික්ෂණ පැවැත්වීමටද කෑගල්ල පොලීසියට නියෝග ලබාදී තිබුණී.

කෑගල්ල කොට්ඨාස භාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේරසිංහ ,සහකාර පොලිස් අධිකාර එස් .එම්. ජේ සමරණායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලිමට මුලස්ථාන පොලිස් පරික්ෂක පි. මානවඩු අපරාධ පරික්ෂණ අංශයේ පො. ප. අනුරපක්ෂ , උපො. ප. දිසානායක , උ. පො. ප.ජයන්ත පො. සැ. ප්‍රනාන්දු ,පො. සැ. විරකෝන් ,පො. සැ. බණ්ඩාර යන නිලධාරිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූපය- සබරගමුව සමුහ ගාමිණි රම්‍යපාල 

නව අදහස දක්වන්න