නෙදන්යාහු ඉරානයට අනතුරු අඟවයි | දිනමිණ

නෙදන්යාහු ඉරානයට අනතුරු අඟවයි

සිරියාවේ ඇති ඉරාන කඳවුරු ඉලක්ක කර ගත් ප්‍රහාර සඳහා පැමිණි ඊශ්‍රායල යුද ගුවන් යානයක් සිරියා ප්‍රතිප්‍රහාර හමුවේ විනාශ වීමත් සමග එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශයක් කරමින් ඉරානයට අනතුරු හඟවයි. ඕනෑම ප්‍රහාරයකින් තම රට ආරක්ෂා කරන බව ද එය තම හිමිකමක් මෙන්ම වගකීමක් ද වන බව අවධාරණය කරන අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට පසුබට නොවන බව සඳහන් කරයි.

සිරියා ගැටුමේදී ඊශ්‍රායලයට අහිමි වූ පළමු ප්‍රහාරක යානය එය වන අතර නතුරට පත්වීමට මත්තෙන් නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් දිවි ගලවාගෙන තිබේ. ඉරාන ඩ්‍රෝන යානාවක් ඊශ්‍රායලයට ඇතුළුවීමෙන් අනතුරුව, ඊශ්‍රායලය විසින් සිරියාවට ප්‍රහාර එල්ල කරමින් සිටි අතර එම ඩ්‍රෝන යානාව ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබිණ.

සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය සහ සිරියාවේ ඇති ඉරාන ඉලක්ක වෙත අයිඒඑෆ් ගුවන් යානයක් මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල කළ බවත් ගුවන් ආරක්ෂක අවි ඒකක 3 ක් සහ ඉරාන යුද ඉලක්ක 4 ක් ද ඇතුලත්, ස්ථාන 12කට ප්‍රහාර එල්ල කත් බවත් පවසන ඊශ්‍රායල ආරක්ෂක හමුදාව උතුරු ඊශ්‍රායලයට අනතුරු හඬ ඇති කරමින් ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලය දෙසට එල්ල වූ බව ටිවිටර් පණිවිඩයක් මගින් තහවුරු කර තිබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...