ජනපති විරෝධීන් මඬින්න මාලදිවයින ටීවී චැනලයක් වසයි | දිනමිණ

ජනපති විරෝධීන් මඬින්න මාලදිවයින ටීවී චැනලයක් වසයි

මාලදිවයිනේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරන පුද්ගලයින් මර්දනයේ තවත් පියවරක් ලෙස එරට රූපවාහිනී නාලිකාවක් වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. තම කාර්ය මණ්ඩල සේවකයන්ට තර්ජන එල්ලවීමත් සමග සිය විකාශනය අත්හිටුවීමට සිදු වූ බව ‘රාජ්ජේ නම් එම පෞද්ගලික රූපවාහිනී සේවය පවසයි. මේ අතර විදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ සේවය ද මාලදිවයින් රජය විසින් නවතා දමා තිබේ.

ඒ පිළිබඳව එරට පොලීසිය පවසන්නේ එම බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනා, එරට සංක්‍රමණික නීති උල්ලංඝනය කර ඇති බවයි.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂ දේශපාලනඥයන් නව දෙනෙකු නිදහස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග මාලදිවයිනේ දේශපාලන උණුසුම ඉහළ ගියේය. ඒ සමගම මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් පසුගිය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

නව අදහස දක්වන්න