දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක් | දිනමිණ

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් විය.

කෙසේ වෙතත් තරග 6කින් සමන්විත මේ තරගාවලියේ මුල් තරග 3 ජයගත් ඉන්දියාව මේ වනවිට 3-1කින් පෙරමුණේ පසුවෙයි.

ජොහැන්නස්බර්ග් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළේය.

තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා දකුණු අප්‍රිකාවට ඕවර 28කදී ලකුණු 202ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය පන්දු 15 ඉතිරිව තිබියදී සපුරාගත් ඔවුන්ට අහිමිවූයේ කඩුලු 5ක් පමණි.

පන්දු 27කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 43ක් රැස්කළ හෙන්රික් ක්ලාසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ශිකර් ධවාන් ලකුණු 109ක් හා නායක විරාට් කෝලි ලකුණු 75ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම සවිමත් කළහ.

දෙපිල අතර 5වැනි එක්දින තරගය හෙට (13) පැවැත්වෙයි.

ඉන්දියාව - 289/7 (ඕවර 50) ශිකර් ධාවන් 109, විරාට් කෝලි 75

ද. අප්‍රිකාව - 207/5 (ඕවර 25.3) හෙන්රික් ක්ලාසන් නොදැවී 43

නව අදහස දක්වන්න