යටියන්තොට නගරයේ පළමු අදියරේ සංවර්ධන වැඩ සිදුකරමින් | දිනමිණ

යටියන්තොට නගරයේ පළමු අදියරේ සංවර්ධන වැඩ සිදුකරමින්

යටියන්තොට නගරයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර වැඩ මේ වන විට සිදුකරමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සදහන් කරයි.

නාගරික සංවර්ධන අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ පළමු අදියර සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 500ක් වන බවද හෙතෙම සදහන් කළේය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල සිට සිරිවර්ධන විද්‍යාල මාවතේ කැලණි වැලි වෙළ‍ෙඳ සංකීර්ණය අසලට අයත් වන පළමු අදියර මේ වන විට වැඩ ආරම්භ කර ඇත. ඒ යටතේ මාර්ගය පුළුල් කර කානු පද්ධතිය සකස් කිරීමත් මාර්ගය කාපට් ඇතිරීමත් අයත් වේ.

දෙවන අදියර යටතේ කැලණි වැලි වෙළ‍ෙඳ සංකීර්ණය අසල සිට ගෝමස් ආයතනය දක්වා මාර්ග කොටස අයත් වන අතර එම කොටසද කානු පද්ධතිය සකස් කිරීම හා කාපට් ඇතිරීම සිදුකිරීමට නියමිතය.

මෙහි වැඩ කටයුතු මේ වර්ෂය තුළදී සිදු කිරීමට නියමිතය. ඒ සඳහා ද වැය කරන මුදල ලක්ෂ 500ක් වේ. මෙයට අමතරව යටියන්තොට නගරයේ ඔරලෝසු කණුව අසල සිට පරුස්සැල්ල ශ්‍රීපෝත් මාර්ගය සංවර්ධනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ.

සටහන සහ ඡායාරූප- යටියන්තොට විශේෂ - සමන් එස්. රත්නායක 

නව අදහස දක්වන්න