Galaxy A 8+ ස්මාර්ට් ජංගම දුර­ක­ථ­නය හඳුන්වා දෙයි | දිනමිණ

Galaxy A 8+ ස්මාර්ට් ජංගම දුර­ක­ථ­නය හඳුන්වා දෙයි

 ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ වැඩිම විශ්වාසයක් දිනාගත් ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳ නාමය වන Samsung Sri Lanka විසින් සිය නවතම හැඩකාර Galaxy A8+ ස්මාර්ට් ජංගම දුරකථනය නව ආකල්පයක් සමගින් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළ වෙත දියත් කරනු ලැබීය. Samsung A කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකථන සතු විශිෂ්ටත්වයේ තිළිණයන් ඉදිරියටත් රැගෙන එමින්, Galaxy A8+ දුරකථනය හැඩකාර විලාසිතාවකින් යුතුව, සුවිශේෂී අංගයන් රැසක් සමගින් පෙර නොවූවිරූ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් හමුවට පැමිණෙයි.

Galaxy A8+ හි කාර්යසාධනය බලගන්වනු ලබන්නේ 6GB RAM, 64GB අභ්‍යන්තරික දත්ත ගබඩා ධාරිතාව (Internal memory) සහ 256 GB දක්වා දත්ත ගබඩා ධාරිතාව (Memory) ඉහළ නැංවීමේ හැකියාව මගිනි. Samsung හි ප්‍රථම ද්විත්ව ඉදිරිපස කැමරා මෙම ජංගම දුරකථනයේ ඇති සුවිශේෂීම අංගයකි. පු`ඵල් අර්ගනොමික් දර්ශන තීරය (Ergonomic design) සහ ආකර්ශණීය ලෙස නිමවූ සැලසුම් නිර්මාණය මගින් Samsung හි සුවිශේෂී නිර්මාණ උරුමය සහ අත්දැකීම් මැනවින් විදහා දක්වයි. දෛනිකව භාවිත කෙරෙන අමතර විශේෂාංග සමගින් Galaxy A8+ වෙනදාට වඩා හුරුබුහුටි, හැඩකාර පෙනුමකින් සහ භාවිතයට වඩාත් පහසු ප්‍රායෝගිකත්වයෙන් ද ඉහළය.

 

නව අදහස දක්වන්න