යාපනයේ සිසුන්ට යුද හමුදාවේ අත හිත | දිනමිණ

යාපනයේ සිසුන්ට යුද හමුදාවේ අත හිත

පසුගිය 2017 වසරේ අපොස උසස්පෙළ සමත්ව සරසවි වරම් ලද යාපනය සිසුන්ට යුද හමුදාවෙන් සත්කාරක සේවාවක් හා වැඩමුළුවක් පසුගියදා පේදුරුතුඩුවේදී පැවැත්විණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත 55 වන සේනාංකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේම වැඩමුළු පැවැත්විණි.

මෙහිදී සිංගර් ශ්‍රීලංකා අනුග්‍රහයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී ගණිත අංශයෙන් මුල් තැන ලබාගත් යාපනය හාඩ්ලි විද්‍යාලයේ සිරිදරන් දුවාකරන් සිසුවාට ලැප්ටොප් පරිගණක ලබාදීමද සිදු කැරිණි.

 
 

නව අදහස දක්වන්න