ආක්‍රමණික ශාක හොරණ කුඹුරු රැසක් ගිලගෙන | දිනමිණ

ආක්‍රමණික ශාක හොරණ කුඹුරු රැසක් ගිලගෙන

හොරණ ගොවි ජන සේවා බල ප්‍රදේශයේ අක්කර 4500ක බිම් ප්‍රමාණයෙන් 2016/17 යල කන්නයේ වී වගා කරන ලද්දේ අක්කර 1000ක ප්‍රමාණයක බව සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වෙයි. නිසි කලට වර්ෂාව නොමැති වීම නිසා වගා කළ බිම් ප්‍රමාණය අඩු වූ බව වාර්තා විය.

යල කන්නයේ වගා කළ සහ නොකළ කුඹුරු ඉඩම්වල ආක්‍රමණික ශාක ඉතා දරුණු ආකාරයෙන් වැඩී ඇතැයි ගොවීහු පවසති. හොරණ හල්තොටියාවත්ත වෙල්යායේ සිට ගල්ඒඅඩුගොඩ මහා පාලම දක්වාම රඹොක් නමැති ශාකය ඉතා සරුලෙස වැවී වැඩී ඇති ආකාරයක් දක්නට ඇතැයි ගොවිහු පවසති.

අම්බගල රත්නායක මහතා- මේ රඹොක් ශාකය මේ වෙල්යායේ හටගෙන අවුරුදු 10-15 තරම් වෙනවා. එක්වරක් රජයෙන් ගිනි තැබුවා. ඊට පසු කන්නය වන විට තිබුණාටත් වඩා ශීග්‍රෙයන් වැවුනා. වෙල් ගහ නැත්නම් වල් ගහල කුඹුරු යායේ අනෙක් පැත්තේ වැවිල. වගා කෙරන්නෙ සුළු බිම් ප්‍රමාණයයි.

ඉළිඹේ ප්‍රේමතිලක මහතා- ඉළිඹ වෙල්යායේත් මේ ආක්‍රමණික ශාකය ඉතා දරුණු ලෙස වැවිලා. එක් තැනක කුඹුර ගොඩ කරනවා. ගොඩනැඟිලි හදන්නට. පතන් දිය බෙරලිය, ජපන් ජබර නම් ආක්‍රමණික ශාක වෙල්යාය පුරාම සරුවට වැවිලා. මාස් කන්නයට වපුරන්න ඕන අප්‍රේල් /මැයි මාසවල. නමුත් තවමත් පුරන්.

පළන්නොරුව කිවුල වෙල් යායද ආක්‍රමණික ශාකයත් කියා සම්පූර්ණයෙන් වැසී ගොස් ඇතැයි ගොවී හු පවසති. මෙයින් වසර 15කට පෙර ලියැද්දක දෙකක හට ගත් පොතු කොළ අද මුළු වෙල්යාය පුරා වැවී ඇතැයි ගොවී හු පවසති. වෙල්යාය අයිනේ ආක්‍රමණික ශාක පිරී ඇති නමුත් මර්දනය කිරීම සඳහා බලධාරීන් ක්‍රියාත්මක නොවූ බව ද ගොවී හු පවසති.

මෙම මහා ව්‍යසනය අවසන් කිරීම සදහා තනි තනිව කළ හැකි විසදුමක් නැතැයි ගොවීහු පවසති. රජයේ හෝ පළාත් සභාවෙන් ඉක්මන් විසැඳුමක් නොලැබුණොත් වගා කළ හැකි කුඹුරු ප්‍රමාණය කන්නයෙන් කන්නයට අඩුවන බවද ගොවීහු පවසති.

කුමාරි ගමගේ ඉංගිරිය සමූහ

අදහස් 3ක් ඇත

2018 ගැසට් දාන්නැද්ද

නව අදහස දක්වන්න