මනීෂගේ ශතකයෙන් සා.තෝමසයට පළමු ඉනිමේ ජය‍ | දිනමිණ

මනීෂගේ ශතකයෙන් සා.තෝමසයට පළමු ඉනිමේ ජය‍

මනීෂ රූපසිංහ පන්දුවට පහරදෙමින්...

මනීෂ රූපසිංහ වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඊයේ සමත් විය.

සාන්ත තෝමස් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරකයෝ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 6කට ලකුණු 230ක් රැස් කළහ. විශිෂ්ට ඉනිමක් දියත් කළ මනීෂ රූපසිංහ ලකුණු 133ක් ඉනිමට එක්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඩෙලොන් පීරිස් ලකුණු 50ක් වාර්තා කළේය.‍

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත බෙනඩික්ට් විදුහල පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණි. පන්දු යැවීමේදී ෂැනොන් ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දැමීය.

සා.තෝමස් පළමු ඉනිම - 230/6 (ඕවර 62.3) මනීෂ රූපසිංහ 133, ඩෙලොන් පීරිස් 50 (පෘතුවි ජෙගරාජසිංහම් 35/2), මනීෂ් තීක්ෂණ 76/2) සහ දෙවැනි ඉනිම - 153/5 (ඕවර 34) මන්තිල විජේරත්න 57, මනීෂ රූපසිංහ 44

සා.බෙනඩික්ට් පළමු ඉනිම - 150 (ඕවර 67.5) අෂාන් සිල්වා 39 (ෂනොන් ප්‍රනාන්දු 9/4, තෙවින් ඉරියගම 21/2, ඩෙලොන් පීරිස් 32/2)

නාලන්දා විදුහලට ඉනිමක ජයක්

මහනුවර ධර්මරාජ විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 29ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කොළඹ නාලන්දා විදුහලට හැකිවිය.

ලකුණු 301ක් රැස්කළ නාලන්දා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිතරවූ ලක්ෂිත රසාංජන ලකුණු 100ක් හා අවිශ්ක පෙරේරා ලකුණු 54ක් රැස්කළහ.

ධර්මරාජ පළමු ඉනිම ලකුණු 90කට සීමාකළ නාලන්දා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා කරමින් ජයග්‍රහණය සතුකර ගත්හ.

නාලන්දා පළමු ඉනිම - 301/8 (ඕවර 69.3) ලක්ෂිත රසාංජන 100, අවිශ්ක පෙරේරා 54, සුහංග විජේවර්ධන 45 (විරාජ් ඇහැලේපොල 45/2, යසිත් සමරරත්න 52/2, උපේන්ද්‍ර වර්ණකුල 64/2, එම්.ඩිල්ෂාන් 77/2)

ධර්මරාජ පළමු ඉනිම - 90 (ඕවර 36) (චමින්ද විජේසිංහ 28/4, උමේෂ්ක ඩිල්ෂාන් 10/3) සහ දෙවැනි ඉනිම - 182 (ඕවර 70.2) බවන්ත උඩංගමුව 46 (ලක්ෂිත රසාංජන 33/4, චමින්ද විජේසිංහ 17/2)

හෂාන් කඩුලු 7යි

කොළඹ මහානාම විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර පැවැති පළමු කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවටපත් විය. එහිදී මහනාම විදුහලේ පවන් රත්නායක ලකුණු 91ක් රැස්කරමින්ද, හෂාන් සන්දීප ඉසිපතන කඩුලු 7ක් බිඳ දමමින්ද දස්කම් දැක්වූහ. තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහානාම පළමු ඉනිම - 214 (ඕවර 88.2) පවන් රත්නායක 91 (මදුෂික සඳරුවන් 67/4, අයන සිරිවර්ධන 24/2, කලික් අමිත් 51/2) සහ දෙවැනි ඉනිම - 80/4 (ඕවර 20.5) බිෂාන් මෙන්ඩිස් 49 (කලික් අමිත් 6/2, සංජුල බණ්ඩාර 19/2)

ඉසිපතන පළමු ඉනිම - 137 (ඕවර 56.2) (හෂාන් සංදීප 33/7)

දේවානන්දයට ජය

දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල සමග පැවැති දෙවැනි කොටසේ තරගයෙන් ඉනිමක හා ලකුණු 90ක ජයක් අත්කර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.

මේ තරගයේදි දේවානන්ද විදුහලේ සසිඳු ද සිල්වා තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 87ක් රැස්කළ අතර කඩුලු කඩුලු 7ක් දවාගැනීමට සමත් විය. කවිඳු රාජපක්ෂ (15/5) පන්දුවෙන් දස්කම් දැක්වූ අතර නිදුල් දුල්නෙත් ජයසිංහ විදුහල වෙනුවෙන් දස්කම් දැක්වීය.

දේවානන්ද පළමු ඉනිම - 221 (ඕවර 41.5) සසිඳු ද සිල්වා 87 (නිදුල් දුල්නෙත් 58/4, ඩිල්ෂෘන් කාවින්ද 36/3, චමිඳු හංසක 59/3)

ජයසිංහ පළමු ඉනිම - 60 (ඕවර 17.3) (කවිඳු රාජපක්ෂ 15/5, සසිඳු ද සිල්වා 39/3) සහ දෙවැනි ඉනිම - 71 (ඕවර 19.1) (සසිඳු ද සිල්වා 20/4, කවිඳු රාජපක්ෂ 11/3, විකුම් ජයසේකර 5/2)

නිරෝෂාන් ප්‍රියංකර
ඡායාරූපය - සුසන්ත විජේගුණසේකර

නව අදහස දක්වන්න