uber සේවාව ගාල්ල දක්වා ව්‍යාප්ත වේ ඔබට කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කිරී­මට පහසු මඟක් | දිනමිණ

uber සේවාව ගාල්ල දක්වා ව්‍යාප්ත වේ ඔබට කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කිරී­මට පහසු මඟක්

ලොව විශාලතම ridesharing සමාගමක් වන Uber සමාගම, 2017 දෙසැම්බර් 07 වැනි දින ශ්‍රී ලංකාව තුළ (Galle) එනම් ගාලු පුරවරය තෙක් තම සේවාව පුළුල් කිරීම නිවේදනය කරයි. මේ සමඟ මුල් අදියරේදී ඔබගේ ගමනාන්තය ගාල්ල, හික්කඩුව, උණවටුන හා බෙන්තොට යන ප්‍රදේශ සඳහා එක් දිශාවකට පමණක් ගමන් කිරීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙහි ප්‍රධානතම අරමුණ වනුයේ නව නගර ගවේෂණය කිරීමට සොයන සංචාරකයන්ට පරිපූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීමය. එමෙන්ම ඉක්මනින් ගාලු පුරවරයට යෑමට බලාපොරොත්තු වන අයට මෙන්ම තනිව ගමන් කිරීමට බලාපොරොතු වන සියලුදෙනාටම ඓතිහාසික නගරවල අලංකාරය අත්විඳීමට මෙමගින් ඉඩ සලස්වා දී ඇත.

Uber සමාගමේ සාමන්‍යාධිකාරී අර්ජුන් ශ්‍රීනිවාසන් මහතා පැවැසුවේ ''අපගේ පාරිභෝගිකයන් සෑමවිටම පහසුවෙන් ගමන් කිරීමට විකල්ප සොයමින් සිටිනවා. ගාලු වැඩසටහන සමඟ, මේ අත්දැකීම් වැඩි දියුණු කිරීමෙන් අපගේ රියැදුරන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ ද අවශ්‍යතා සපුරාලීම අපට හැකියාව ලැබෙන අතර, සංචාරකයන් ඇතුළු සති අන්තයේ අපගේ පවුල්වල නෑදෑ හිතවතුන් බැහැදැකීමට සංචාරය කරන පිරිසට ද මෙය ඉතා වැදගත් වන බව අපි විශ්වාස කරන්නෙමු. තව ද මේ වැඩසටහනත් සමඟම ඉදිරියේදී අප සේවාව තව තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව මින් සතුටින් දැනුම් දෙන්නෙමු.

නව අදහස දක්වන්න